Joomla gallery by joomlashine.com
homePage
New items default to the first position. The ordering can be changed after this item is saved.
මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සිව්වන සැමරුම
මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සිව්වන සැමරුම හෙටට යෙදී තිබෙනවා.ඒ නිමිත්තෙන් සංවිධාන කළ සංවත්සර පෙළපාලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේ දී පැවැත් වීමට නියමිතයි.
වවුනියාවේ මවක් දරුවන් තිදෙනෙකු සමඟ ළිදට පනියි.
මවක් සිය දරුවන් තිදෙනා සමඟ ළිදකට පැනීමේ සිද්ධියක් වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාළය සඳහන් කළේ ළිදට වැටුණු කුඩා දැරිවියන් තිදෙනා එම අවස්ථාවේ දීම මියගොස් ඇති බවයි.
අර්තාපල් ආනයනයට සීමා.
අර්තාපල් ආනයනය සඳහා සීමා පැනවීමට රජය තීරණය කර තිබෙනවා.ඒ අනුව ඉදිරියේ දී අර්තාපල් ආනයනය සඳහා අවසරය හිමිවනුයේ දේශීය ගොවීන්ගෙන් අර්තාපල් මිල දී ගන්නන්ට පමණක් වනු ඇති.
රට අවුල් කරන්නන්ට එරෙහි නීති දැඩි කරන්න. - ඇමති රාජිත ජනපතිගෙන් ඉල්ලයි.
රට තුළ අර්බුදකාරි තත්ත්වයන් මතුකරමින් රටේ කීර්තිනාමයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
අයි පී එල් තරග පාවා දුන් අය හෙළිවේ
අයි පී එල් තරග පාවාදීමට සම්බන්ධ බුකීකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිරියානු හමුදාවේ රසායනික අවි ගැන ඔබාමා කථාකරයි.
සිරියානු රජයේ හමුදා රසායනික අවි භාවිතා කළ බව තහවුරු කළ හැකි සාක්ෂි තමන් සතු බව අමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා ප්‍රකාශ කර තිබෙනවා.ඔහු පවසා ඇත්තේ තමා ඒ පිළිබඳ තවදුරටත් තොරතුරු එක්රැස් කරමින් සිටින බවයි.සිරියාව රසායනික අවි භාවිතා කිරීම එරටට ප්‍රහාරයක් එල්ල කිරීමට වුවද හේතුවක් විය හැකි බවයි බැරැක් ඔබාමා අවධාරණය කර ඇත්තේ.
මානව හිමිකම් නීතිය පිළිබඳ ජගත් සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු මෙරට සංචාරයකට සැරසෙයි.
මානව හිමිකම් නීතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිත කි‍්‍රස්ටොෆ් හෙයින්ස් ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතවීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර තිබෙනවා.ඔහු මීට පෙර අවස්ථා කිහිපයක දී ද ශී‍්‍ර ලංකාවට පැමිණීමට සැලසුම් කර තිබුණ ද ඒ සඳහා ලක් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් හිමි වූයේ නැහැ.
මවක් සිය දරුවන් තිදෙනා සමඟ ළිදකට පැනීමේ සිද්ධියක් වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයෙන් අද වාර්තා වුණා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාළය සඳහන් කළේ ළිදට වැටුණු කුඩා දැරිවියන් තිදෙනා එම අවස්ථාවේ දීම මියගොස් ඇති බවයි.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 1 , 3 සහ 4 ක් වන දැරිවියන් තිදෙනෙක්.
කෙසේ වෙතත් මව ළිදට පැන පසුව ලණුවක එල්ලී ජිවිතය බේරාගෙන තිබෙනවා.
අදාල කාන්තාව මානසික රෝගයකින් පෙළෙන බව සිදුකළ පරීක්ෂණවල දී තහවුරු වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කලා.
එම කාන්තාව මේ වන විට ප්‍රතිකාර සඳහා වව්නියාව රෝහලට ඇතුලත් කර ඇතැයි සඳහන්.
මේ අතර මාදම්පේ මුඟුණුවටවන ප්‍රදේශයේ තාවකාලිකව සාදා තිබු පොල්අතු සෙවිළිකළ නිවසක හටගත් ගින්නකින් එහි සිටි කුඩා දරුවෙකු පිළිස්සී මියගොස් තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 1 යි මාස 3 ක් වු පිරිමි දරුවෙකු බවයි.
මව රාත්‍රී ආහාර පිසීම සඳහා ලිප ගිනි මොළවා මදකට නිවසින් බැහැරව ගොස් සිටිය දී යි මෙම ගින්න හටගෙන ඇත්තේ.
(හේමන්ත)
අර්තාපල් ආනයනය සඳහා සීමා පැනවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඉදිරියේ දී අර්තාපල් ආනයනය සඳහා අවසරය හිමිවනුයේ දේශීය ගොවීන්ගෙන් අර්තාපල් මිල දී ගන්නන්ට පමණක් වනු ඇති.
දේශීය අර්තාපල් වගාකරුවන් සුරක්ෂිත කිරීම් සඳහා වගාව තවදුරටත් ව්‍යාප්ත කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ.
ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ රැස් වූ ජනාධිපති කාර්ය සාධක බලකාය මෙම තීරණය ගෙන තිබෙනවා.
දැනට ගමන් බලා ඇති පරිදි ශ්‍රී ලංකාවේ මාසික අර්තාපල් අවශ්‍යතාව මෙට්ටි්රක් ටොන් 12.000 ක්.(වන්නි)
ශ්‍රී ලංකාව සහ ඉන්දියාවේ සිට නීති විරෝධි සංක්රමනිකයින් අමෙරිකා එක්සත් ජනපදයට යැවීම සඳහා ඉක්වදෝරයේ සිට කි‍්‍රයාත්මක වු මිනිස් ජාවාරමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබෙනවා.
මෙම ජාවාරම සම්බන්ධයෙන් එරට පොලීසිය විසින් තොරතුරු හෙළිදරව් කරගෙන ඇති බව සඳහන්.
එහි දී ජාවාරමට සම්බන්ධ බව කියන ඉන්දියානුවන් තිදෙනෙකු සහ ඉක්වදොරයේ සංක්රමනික පොලිස් සාමාජිකයන් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස නීති විරෝධි සංක්රමනිකයින් අමෙරිකාවට යැවීම සඳහා ඩොලර් පන්දහසක් අයකරගෙන ඇති බවයි අනාවරණ වී ඇත්තේ.ඉක්වදොරයේ සිට මධ්‍යම අමෙරිකාව හරහා එක්සත් ජනපදය වෙත සංක්රමනිකයින් යැවීම ඔවුන්ගේ උපක්‍රමයයි.
මෙම කල්ලිය සමඟ අදාල ලිපිගොනු, ලැප්ටොප් පරිගනක සහ ඩොලර් ලක්ෂයක මුදලක් ද සොයාගෙන තිබෙනවා.
ශ්‍රී ලාංකිකයන් ඇතුලූ තම රටට පැමිණෙන දේශපාලන සංක්රමනිකයන් සම්බන්ධයෙන් වන සරනාගත ප්‍රතිපත්ති සංශෝධනය කිරීමට ඕස්ටේ්රලියානු රජය පියවරගෙන තිබෙනවා.
නව නීති අනුව ප්‍රධාන භූමියට ඇතුලූවන දේශපාලන රැකවරණ පතන්ණන්ට මෙතෙක් සැළසුණු නීතිමය ආවරණයන් අහෝසි වනු ඇති.
ඒ අනුව ඕස්ටේ්රලියාවට ඇතුලූවන ඕනෑම දේශපාලන රැකවරණ පතන්නෙකු ආගමන කටයුතු සඳහා නාවුරු හෝ පැපුවා නිව්ගිනියා දූපත්වෙත යොමු කෙරෙනු ඇති.
පැවති නීතිය අනුව ආගමන කටයුතු සඳහා ශාන්තිකර කලාපීය දූපත් වෙත යැවිය හැකිව තිබුනේ ප්‍රධාන භූමියෙන් බැහැර දූපත්වලට ගොඩබසින පිරිස් පමණයි.
(නයනි/වන්නි)
රට තුළ අර්බුදකාරි තත්ත්වයන් මතුකරමින් රටේ කීර්තිනාමයට හානි කරන පුද්ගලයින් සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දී දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරනු ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.
ඔහු පෙන්වා දෙන්නේ රජයේ සංවර්ධන වැඩපිළිවෙල නිසිලෙස අවබෝධ කර නොගත් ඇතැම් පිරිස් රට තුළ විවිධ අර්බුද නිර්මාණය කිරීමට උත්සහ දරන බවයි.
එවැනි අර්බුද හේතුවෙන් විදෙස් අතපෙවීම් ද ඉහළ යන බවයි රාජිත සේනාරත්න අමාත්‍යවරයා ලක් එෆ් එම් ප්රවෘත්ති අංශය සමඟ සංවාදයකට එක්වෙමින් අවධාරණය කළේ.
(වන්නි)
අයි පී එල් තරග පාවාදීමට සම්බන්ධ බුකීකරුවෙකු ලෙස කටයුතු කළ හිටපු කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අමිත් සිං නැමැති ඔහු පසුගිය අයි පී එල් තරගාවලියේ දී රාජස්ථාන් රෝයල් පිලට කී‍්‍රඩා කළ කී‍්‍රඩකයෙකු බව සඳහන්.
වයස අවුරුදු 31 ක් වන ඔහු පන්දු යවන්නෙකු ලෙස රාජස්ථාන් රෝයල් පිලට මෙන්ම ගුජරාට් ප්‍රාන්ත කණ්ඩායමට ද කී‍්‍රඩා කළ අයෙක්.
ඔහු විසින් රාජස්ථාන් රෝයල් පිලේ ක්‍රීඩකයන් තිදෙනෙකු සම්බන්ද කරගෙන මුදලට තරග පාවාදීමේ කටයුතුවල නිරත වී ඇති බවයි මීට අදාල මුලික පරීක්ෂණවල දී හෙළි වී ඇත්තේ.
ශී්රසාන්ත්, අජිට් චන්දිලා සහ අන්කීත් චවාන් යන රාජස්ථාන් රෝයල් කී‍්‍රඩකයන් මෙවර තරගාවලියේ දී මුදලට තරග පාවා දී ඇති අතර චෝදනා එල්ල වී තිබෙනවා.
මෙම චෝදනා සම්බන්ධයෙන් තමන් මහත් වේදනාවට පත්ව සිටින බවයි රාජස්ථාන් රෝයල් නායක රාහුල් ඩ්රාවිඞ් ප්‍රකාශ කර ඇත්තේ.(විරංජන)
මානුෂීය මෙහෙයුමේ විජයග්‍රාහී සිව්වන සැමරුම හෙටට යෙදී තිබෙනවා.
ඒ නිමිත්තෙන් සංවිධාන කළ සංවත්සර පෙළපාලිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ගාලූමුවදොර පිටියේ දී පැවැත් වීමට නියමිතයි.
ති‍්‍රවිධ හමුදාව විශේෂ කාර්යය බලකාය සහ සිවිල් ආරක්ෂක බලකායේ රණවිරුවන් දාහතුන්දහසකට අධික පිරිසක් ඊට එක්වනු ඇති.
මානුෂීය මෙහෙයුමට සහභාගී වූ රණවිරුවන් ද ඊට සහභාගී වන අතර එහි දී භාවිත කළ යුධ උපකරණ ද මෙම පෙළපාලියේ දී ප්‍රදර්ශනය කෙරෙනවා.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන්යානා සහ හෙලිකොප්ටර් 30 ක් ද ගුවන් සංදර්ශනයකට සහභාගීවීමට නියමිතයි.
නාවික හමුදාව විසින් ද ගාලූමුවදොර ආශ්රිත මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා යාත්‍රා 50 ක් යොදාගනිමින් සිය සන්නද්ධ ශක්තිය ප්‍රදර්ශනය කෙරෙනවා.
යුධහමුදාවේ ප්‍රහාරක සන්නද්ධ රථ, කාලතුවක්කු සහ බිම්බෝම්බ ඉවත් කිරීමේ රථ ඇතුලූ හමුදා රථ සියයක් ද මෙම පෙළ පාලියට එක්වනවා.
මේ අතර විජයග්රහනයේ පෙළපාලිය වෙනුවෙන් කොළඹ නගරය තුළ විශේෂ රථවාහාන සැළැස්මක් කි‍්‍රයාත්මක කිරීමට පොලීසිය පියවරගෙන තිබෙනවා.
හෙට පෙරවරු 5 සිට මෙම රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි බුද්ධික සිරිවර්ධන මහතා පැවසුවේ.
මෙම විජයග්රහනයේ පෙළපාලිය අවසන් වන තුරු අදාල රථවාහන සැලැස්ම කි‍්‍රයාත්මක කෙරෙන බවද ඔහු සඳහන් කළා.
ඒ අනුව ගාලූපාර ඔස්සේ කොළඹින් පිටවන බස් රථ ඕල්කට් මාවත, ටෙක්නිකල් හන්දිය, මරදාන පාලම හන්දිය, ටීබී ජයා මාවත, ඉබ්බන්වල හන්දිය, ධර්මපාල මාවත, නෙළුම්පොකුණ වටරවුම, නිදහස් මාවත, රීඞ් මාවත, තුන්මුල්ල වටරවුම, බෞද්ධාලෝක මාවත, ආර් ඒ ද මෙල් මාවත, ඩුබ්ලිකේෂණ් ඩික්මන් හන්දිය , ඩික්මන් පාර ඔස්සේ ගොස් වමට හරවා ගමන් කළ හැකියි.
ගාලූපාර ඔස්සේ කොළඹට ඇතුලූවන බස් රථ සහ සැහැල්ලූ වහාන ගාලූපාර ඔස්සේ පැමිණ ගාල්පාර බගතලේ හන්දියෙන් දකුණට හරවා බෞද්ධාලෝක මාවත ආර් ඒ ද මෙල් මාවතෙන් වමට හරවා තුන්මුල්ල වටරවුම, තර්ස්ටන් පාර, ග්ලාස් හවුස් හන්දිය, නෙලූම් පොකුණ වටරවුම, ඩින්ස්පාර, සීමන්ස් හන්දියෙන් වමට හරවා, මාරදාන පාලම හන්දියට ගොස් බැස්ටියන් මාවත ඔස්සේ සීනෝර් හන්දියට ගමන් කළ හැකියි.
බරවාහන සඳහා විකල්ප මාර්ග ලෙස ගාලූපාර ඔස්සේ කොළඹ නගරයට ඇතුලූවීමට පැමිණෙන වාහන ඩබ්ලිව් ඒ සිල්වා මාවත ඔස්සේ ඇතුලූ වී පරන හැව්ලොක් පාර, මස්කඩය හන්දියෙන් වමට හරවා මායා වටරවුම, හැව්ලොක්පාර, පාක් පාර ඔස්සේ ගමන්කර බේස්ලයින් පාර හන්දියෙන් වමට හරවා, කොළඹට ඇතුල්විය හැකි බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.මෙම විකල්ප මාර්ග භාවිත කිරීමෙන් මහජනතාවට සිදුවිය හැකි අපහසුතාවලක්වා ගත හැකි බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
(නයනි)